Homeදේශපාලන පුවත්අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද (23) එයි

අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද (23) එයි

අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් අද (23) චීනයේ සිට මෙරටට පැමිණිමට නියමිතව තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ, මාස 06 කට ප්‍රමාණවත් ජලභීතිකා එන්නත් තොගයක් ද එම ඖෂධ තොගයට ඇතුළත් බවයි.

වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඹෟෂධ තොගයක් ද  එම ගුවන් යානයෙන්  මෙරටට රැගෙන එනු ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති බව වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ ය.

එහි වටිනාකම රුපියල් මිලියන 500 කට ආසන්නයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here