Homeව්‍යාපාරික පුවත්අත්‍යවශ්‍ය පොහොර බෙදා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)...

අත්‍යවශ්‍ය පොහොර බෙදා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ

ශ‍්‍රී ලංකාවේ වී ගොවීන් අතරින් ප‍්‍රතිලාභීන් තෝරා ගැනීම සහ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජිත, විම්ලේන්ද්‍ර ෂාරන් මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අද දින ගරු කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීම මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තබන ලදී.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහභාගීත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කරනු වස්, යූරියා සහ ටිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර වී ගොවීන් සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා අදාල ගොවීන් තෝරාගැනීම හා පොහොර බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග අද දින අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here