Homeදේශපාලන පුවත්අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකර අපේ මංගල රැළිය කල් දැම්මා - එස්.එම්....

අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමුකර අපේ මංගල රැළිය කල් දැම්මා – එස්.එම්. චන්ද්‍රසේන

2023 පළාත් පාලන මැතිවරණය‍ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ දී පැවැත්වීමට තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

ඔහු පවසා සිටියේ මැතිවරණය පිළිබඳව නඩු තීන්දුව පිළිබඳව සලකා බලා පක්ෂයේ නායකයන් එක්ව අද (24) දිනයේ පැවැත්වීමට තිබූ රැළිය මාර්තු මාසයේ මැද දිනයක් දක්වා කල් දැමීමට තීරණය කළ බවයි.

එම රැළියේ දී පොදුජන පෙරමුණට “රැස්වීමක් තියන්න බැහැ, ගමට යන්න බැහැ, පක්ෂය වැටිලා” යන ප්‍රකාශයන් කරන අයට දැවැන්ත රැළියක් පවත්වා පිළිතුරු ලබාදෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here