දිවයිනේ සියලුම අධිවේගි මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අවමය රුපියල් 50 සිට ගාස්තු ඉහළ නැංවීම සිදුකර ඇති අතර නව සංශෝධනයට අනුව සියයට 25ක පමණ ගාස්තු ඉහළ දැමීමක් සිදුවනු ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය යන සියලු අධිවේගී මාර්ගවල රථවාහන සඳහා ගෙවිය යුතු ගාස්තු අද සිට ඉහළ නැංවේ.
වාහන සිලින්ඩර් ධාරිතාව අනුව එම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ සඳහන් කළේය.