Homeව්‍යාපාරික පුවත්අනාගතයට අවශ්‍ය තාක්ෂණික කුසලතා වලින් ශ්‍රී ලංකාවේ දරුවන් සවිබල ගැන්වීමට Microsoft සහ...

අනාගතයට අවශ්‍ය තාක්ෂණික කුසලතා වලින් ශ්‍රී ලංකාවේ දරුවන් සවිබල ගැන්වීමට Microsoft සහ DP Education අත්වැල් බැඳගනී

Microsoft තාක්ෂණය භාවිතා කර සිසු සිසුවියන් මිලියනයක් පුහුණු කරමින් රටේ විරැකියාව අවම කිරීමට DP Education දරන වෑයමක්

ශ්‍රී ලංකාවේ දරුවන්ට විසි එක්වන සියවසට ගැළපෙන නවීන තාක්ෂණය හඳුන්වා දීමේ සහ ඔවුන්ගේ තාක්ෂණික කුසලතා දියුණු කිරීමේ අරමුණින් Microsoft හා DP Education පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. DP Education යනු ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ අධ්‍යාපන අංශයයි. ශ්‍රී ලංකාව මේ වනවිට STREAM අධ්‍යාපනය, Coding හැකියාවන් සහ ඩිජිටල් කුසලතා අතිශයින් වැදගත් වන ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින අතර, ඉදිරි දශකය තුළ ශ්‍රම බලකායට ඇතුළත් වීමට බලාපොරොත්තු වන යොවුන් පරපුරට එමගින් අවස්ථා රාශියක් උදාවනු ඇත.

Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා සහ DP Education ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here