Homeදේශපාලන පුවත්අපනයනය ඉලක්ක කරගත් තවත් ව්‍යාපෘති දෙකක්

අපනයනය ඉලක්ක කරගත් තවත් ව්‍යාපෘති දෙකක්

අපනයනය ඉලක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් සහ කැවෙන්ඩිෂ් කෙසෙල් අපනයන වගා ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද (26) පෙරවරුවේ අගුණකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැති අතර ඊට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සහ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඇඹිලිපිටිය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 400ක හා සෙවණගල කැවෙන්ඩිෂ් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 400ක ද වශයෙන් ඉදි කිරීමට නියමිතයි.

මීට අමතරව රුපියල් මිලියන 150ක වියදමින් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් බරවකුඹුක ප්‍රදේශයේ ඉදි කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම කෙසෙල් ව්‍යාපෘති දෙක වෙනුවෙන් ගොවීන් 800ක් තෝරා ගන්නා අතර ඔවුන්ට අවශ්‍ය නව තාක්ෂණය, උපදෙස් හා මුල්‍ය පහසුකම් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දීමට නියමිතයි.

ජූනි මාසය අවසන් වීමට ප්‍රථම මෙම ව්‍යාපෘති දෙකේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 06ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here