ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ කිසිඳු අභියෝගයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
වත්මන් ආණ්ඩුව කතාවට පමණක් සීමා නොවූ බවත් යුද්ධය සහ කොරෝනා වසන්ගතයද අවසන් කළ ආණ්ඩුවක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ඒ හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.