Homeවිචිත්‍ර​ පුවත්අභ්‍යවකාශයට ගිය සෞදියේ පළමු කාන්තාව

අභ්‍යවකාශයට ගිය සෞදියේ පළමු කාන්තාව

පෞද්ගලික ගගනගාමී පිරිසක් පමණක් රැගත් ලොව දෙවැනි අභ්‍යවකාශ යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කර තිබේ.

ඩ්‍රැගන් කැප්සූලය රැගත් ෆැල්කන් නයින් අභ්‍යවකාශ යානාව ඊයේ (21) ගමන් ආරම්භ කළේ අමෙරිකාවේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

ඇක්සියම් ටූ මෙහෙයුම යටතේ මුදල් ගෙවූ මගීන් අතරට අලි අලඛර්නි සහ රෙයානා බර්නවී නම් සෞදි අරාබි ජාතිකයින් දෙදෙනා ද අයත් වේ.

ඒ අතරින් බර්නවී සුවිශේෂී වන්නේ ඇය අභ්‍යවකාශයට ගිය පළමු සෞදි ජාතික කාන්තාව වීම හේතුවෙනි.

මෙහෙයුමේ නියමුවා ලෙස පෞද්ගලික මගියෙකු වන ජෝන් ෂොෆ්නර් කටයුතු කළ අතර, නාසා ගගනගාමී පෙගී විට්සන් එම මෙහෙයුමට අණදෙන්නා ලෙස කටයුතු කරයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here