Homeවිදේශීය පුවත්අමෙරිකානු ජනපති සටනට ඉන්දියානුවෙක්

අමෙරිකානු ජනපති සටනට ඉන්දියානුවෙක්

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණ සටන සඳහා රිපබ්ලිකන් පක්ෂය තුළ දැඩි සටනක් මේ වනවිට ඇතිවී තිබේ.

ඊට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්වෙතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ඉන්දීය සම්භවයක් සහිත විවෙක් රාමස්වාමි ද තමා එම සටනට එක්වන බව නිවේදනය කර තිබේ.

රාමස්වාමි ව්‍යවසායකයෙකි. එසේම “Woke, Inc.” නම් කෘතියේ රචකයා වෙයි.

ඔහු පවසන්නේ අමෙරිකානු සිහිනය ඉෂ්ට කර ගැනීම සඳහා සංස්කෘතිය වෙනසක් සිදුවිය යුතු බවය.

එකිනෙකා අතර බැඳීමක් නොමැති නම් අමෙරිකානු සමාජයේ දක්නට ඇති “විවිධත්වය” ඵල රහිත බව ඔහු පවසයි.

ඔහායෝ හි උපත ලබා ඇති 37 හැවිරිදි විවෙක් රාමස්වාමි හාවර්ඩ් සහ යේල් විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබුවෙකි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here