කොවිඩ් -19 වසංගතය අමෙරිකා එක්සත් ජනපදයේ අවසන් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, කොවිඩ් වසංගය තවදුරටත් ගැටලුවක්ව පැවතිය ද එය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවය.
CBS මාධ්‍ය ආයතනය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එම අදහස් පළකර තිබේ.
වෛරසය පාලනය කිරීම සඳහා තවත් බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් තවදුරටත් කොවිඩ් -19 වෛරසය හේතුවෙන් අමෙරිකානුවන් 400ක් පමණ දෛනිකව ජීවිතක්ෂයට පත්වන බව සඳහන්ය.