Homeදේශීය පුවත්අමෙරිකාවෙන් තවත් වෛද්‍ය සැපයුම් තොගයක්

අමෙරිකාවෙන් තවත් වෛද්‍ය සැපයුම් තොගයක්

ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කර තිබේ.

එය කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

පසුගිය සතිය තුළ අමෙරිකානු සංවිධානවලින් ලබා දී ඇති මුළු වෛද්‍ය ආධාරයන් හි වටිනාකම ඩොලර් මිලියන 12 ඉක්මවන බව ද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ලොව පුරා සිටින දුප්පතුන්, රෝගීන් සහ දුක්විඳින අය වෙනුවෙන් සේවය කිරීමේ අරමුණින්, HOPE Worldwide 1991 දී පිහිටුවා තිබේ.

HOPE Worldwide, අවශ්‍යතා ඇති රටවල් සමඟ එකතුවී, ස්වේච්ඡා සේවකයන් සන්නද්ධ කිරීම, ආපදාවලට ප්‍රතිචාර දැක්වීම ආදිය සිදුකරන අතර ප්‍රජාවන් කෙරෙහි බලාපොරොත්තු ඇතිකර ඔවුන් ශක්තිමත් කරනු ලබයි.

විපත් ඇති වූ කල්හි HOPE Worldwide ගෝලීය ස්වේච්ඡා සේවකයන්, පල්ලි සහ ආයතන හවුල් කරගනිමින් අවශ්‍ය සහන ලබාදෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here