සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන – වැඩ ලක්ෂයක් – සංවර්ධන ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව අද ආරම්භ කෙරේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ, ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක් – ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක බවයි.
රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021ක මේ වැඩසටහන ක්‍රියාත්මක ය.
ඒ අනුව එක් ග්‍රාම සේවා වසමක ව්‍යාපෘති 5 ක් හෝ 6 ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙහි සමාරම්භ උත්සවය අද උදෑසන 8.52 ට දිවයින පුරා ගම් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතයි.