Homeදේශපාලන පුවත්අයවැය අද (12) පාර්ලිමේන්තුවට

අයවැය අද (12) පාර්ලිමේන්තුවට

2022 වසර සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ අයවැය ඉදිරිපත් කරනු ඇති. 

විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව අද පස්වරු 2 ට ආරම්භ කෙරෙන අතර මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන පළමු අයවැය ද මෙය වනු ඇති.

අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුළු කිරීමට පෙර සියලු දෙනා කොරෝනා පරීක්ෂණයකට ලක් කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසී ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here