Homeව්‍යාපාරික පුවත්අයිඩියල් මෝටර්ස් වෙතින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් වෙත මහින්ද්‍ර...

අයිඩියල් මෝටර්ස් වෙතින් නවලෝක සමූහ ව්‍යාපාරයේ උසස් අධ්‍යාපන ආයතන දෙකක් වෙත මහින්ද්‍ර Powerol විදුලිජනක යන්ත්‍ර I Sri Lanka Latest News

අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මහින්ද්‍ර වාහන එකලස් කිරීම සහ මහින්ද්‍ර වාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින්නා වන අයිඩියල් මෝටර්ස් වෙතින් මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර දෙකක් නවලෝක සමූහ ව්‍යාපාරයේ කොළඹ සහ මහනුවර උසස් අධ්‍යාපන ආයතන දෙකක විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පසුගියදා මිලදී ගනු ලැබීය.(Sri Lanka Latest News)

මහින්ද්‍ර Powerol විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය අතින් මාදිලි විසිඅටක් යටතේ 5KVA සිට 625KVA දක්වා ඉතා ආකර්ෂණීය මිලකට දිවයින පුරා පිහිටි අයිඩියල් මෝටර්ස් ශාඛා ජාලයෙන් මිලදීගත හැකිය. powerol විදුලි ජනක යන්ත්‍රවල එන්ජිම මහින්ද්‍ර නිෂ්පාදනයක් වන අතර විදුලි නිෂ්පාදන ඒකකය සඳහා ලෝකප්‍රකට යුරෝපීය තාක්ෂණය සහිත ලෙරොයිසමා සන්නාමය භාවිත කරයි. ඊට අමතරව විදුලි පද්ධතියට සම්බන්ධ වන විදුලි පුවරු සඳහා ලොව පිළිගත් ඩීප්සී මොඩියුල් සන්නාමය භාවිත කරයි. මෙම විදුලි ජනක යන්ත්‍ර කාණ්ඩ දෙකක් යටතේ වෙළෙඳපොළට නිකුත් වේ. එනම්, පහසුවෙන් හැසිරවිය හැකි 5KVA සිංගල් පේස් පෝටබල් විදුලි‍ ජනක යන්ත්‍ර කාණ්ඩය සහ 10KVA සිට 30KVA දක්වා සිංගල් පේස් හා 10KVA සිට 625KVA ත්‍රීපේස් විදුලි ජනක කාණ්ඩයන් සහිත වේ.

2017 වසරේදී අයිඩියල් මෝටර්ස් සමාගම මහින්ද්‍ර Powerol ඩීසල් විදුලි ජනක යන්ත්‍ර සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම බෙදාහරින්නා බවට පත්විණි. එතැන් පටන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වල බලශක්ති අවශ්‍යතා සපුරාලමින් මහින්ද්‍ර Powerol ශ්‍රී ලංකාවේ විදුලි ජනක යන්ත්‍ර වෙළෙඳපොළ තුළ ප්‍රධාන තැනක් උසුලමින් සිටී.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here