Homeවිචිත්‍ර​ පුවත්අයින්ස්ටයින් පැරදූ ශ්‍රී ලාංකික දැරිය

අයින්ස්ටයින් පැරදූ ශ්‍රී ලාංකික දැරිය

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැරියකගේ සුවිශේෂී දක්ෂතාවයක් ගැන මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

ඇයගේ දක්ෂතාවය වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා යාමයි.

මෙම සුවිශේෂී දක්ෂතාව පෙන්වා ඇත්තේ අරියානා දඹරව හේවගේ නමැති දැරියයි.

ඇය මේ වනවිට 10 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියකි.

අරියානා දැරිය සිය මව්පියන් සමඟ බ්‍රිතාන්‍යයේ Huddersfield හි පදිංචිව සිටී.

Huddersfield හි St Patrick’s කතෝලික පාසලේ අධ්‍යාපනය හදාරණ අරියානා පසුගිය දිනක Mensa IQ පරීක්ෂණයෙන් ලකුණු 162ක් ලබාගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව එය ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ ඇස්තමේන්තුගත බුද්ධි මට්ටම වන 160ක ප්‍රමාණය ඉක්මවා යාමකි.

ශ්‍රී ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 2009 වසරේදී පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගොස් තිබේ.

අරියානා පවසන්නේ තම බලාපොරොත්තුව ද ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වීම බවය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here