Homeක්‍රීඩා පුවත්අයිපීඑල් පිටිය දෙවනත් කළ ඉංජිනේරුවා

අයිපීඑල් පිටිය දෙවනත් කළ ඉංජිනේරුවා

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සුවිශේෂය. එයින් මෙවර කරළියට ආ නවක ක්‍රීඩකයින් අතර විශේෂ ක්‍රීඩකයෙක් වෙයි.

ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අකාෂ් මධ්වාල් ය.

මාධ්වාල් ඉතා කැපවීමෙන් සිය ක්‍රිකට් ජීවිතය ගොඩනගා ගත් ක්‍රීඩකයෙකි.

ඔහු අධ්‍යාපනයෙන්ද ඉදිරියට ගිය පුද්ගලයෙකි. එනම් ඔහු ඉංජිනේරුවෙකි.

මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ “නෙට්” පන්දුයවන්නෙක් ලෙස කටයුතු කළ ඔහු 2022 වසරේදී පළමුවරට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වූයේ සුර්යකුමර් යාදාව් වෙනුවටය.

එසේම 2023 තරගාවලියේද පළමු තරග 7 සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව නොලැබුණි.

නමුත් ජෝෆ්රා ආචර් තුවාල ලැබීමත් ජස්ප්‍රිට් බුම්රාගේ සේවය අහිමිවීමත් හේතුවෙන් මධ්වාල් ට අවස්ථාව හිමිවිය.

ඔහු ඊයේ (24), ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව සුපිරි දස්කමක් දැක්වීය.

ඒ පන්දු ඕවර 3.3කදී ලකුණු 5කට කඩුලු 5ක් දවා ගනිමිනි.

ඒ හේතුවෙන් ඊයේ තරගය ලකුණු 81කින් ජයගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකිවිය.

වාර්තාවල සඳහන් වන්නේ ඔහු අවුරුදු 24 වන තෙක් සැහැල්ලු පන්දු ක්‍රීඩාකර ඇති බවය.

මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන මාධ්වාල් වේගපන්දු යවන්නෙක් ලෙස ලබා ඇති ප්‍රගතිය පුදුම සහගතය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here