Homeක්‍රීඩා පුවත්අවසාන මොහොතේ අතහැරියත් දුකක් නෑ - යුපුන්

අවසාන මොහොතේ අතහැරියත් දුකක් නෑ – යුපුන්

අවසාන මොහොත දක්වා ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ගන්නා සිය උත්සාහය අත්නොහරින බව ශ්‍රී ලංකාවේ සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි.

දෙරණ Talk with Chatura වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන්,

“අපේ ලංකාවේ තියෙන ක්‍රීඩා තාක්ෂණයයි ලෝකේ තියෙන ක්‍රීඩා තාක්ෂණයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ක්‍රීඩාව පැත්තෙන් රටේ වැඩපිළිවෙලක් නෑ. මම එහේ උදේ හවස සතියට දවස් 6ක් පුහුණුවීම් කරනවා. ආයතන ගොඩාක් වෙලාවට ක්‍රීඩාව පැත්තෙන් දකින්නේ නෑ ඒක භාවිත කරලා බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරගන්න පුළුවන් කියන එක තාම ලංකාවට හුරු දෙයක් නෙමෙයි. “

“ඒ වගේම කෙනෙක් උඩට යනකොට උත්සාහ කරන්න ඕන ඒ ෆීල්ඩ් එකම උඩට අරගෙන යන්න මම විතරක් ගිහිල්ලා මම විතරක් කරගෙන හරියන්නේ නෑ. මේ පොඩි අය පාසල්වල ක්‍රීඩා කරන අයත් දවසක එතැනට එනකොට මට ඒ තැන හදලා යන්න පුළුවන් නම් ඒ වටිනාකම හදලා යන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලංකා ඉතිහාසය වෙනස් කරන පොයින්ට් එකක් වෙයි කියලා මම ඒකට තාමත් උත්සාහ කරනවා. “

වෙන රටවල්වලින් කතා කරලා අපේ කොඩිය යටතේ දුවන්න කියලා කියන්නේ නැද්ද.?

කියන අවස්ථා තියෙනවා.

එහෙම දිව්වොත් ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේද ?

“ඔව් ප්‍රශ්න ඉවරයි, හැබැයි කවුරුහරි ඉන්න ඕන මේක පටන් ගන්න සහ හදන්න. මෙම ඒ තැන හැදුවොත් තමයි මගෙන් පස්සේ එන කෙනෙක්ට ඒ චාන්ස් එක එන්නේ. ඉතින් මෙච්චර කල් කවුරුත් ඒක පටන් අරන් ඉස්සරහට ගිහිල්ලා නෑ. එහෙම ගියානම් මට අද මේ දේවල් මේ විදියට කියන්න වෙන්නේ නෑ, මම ආසයි දුවන්න ලංකාව වෙනුවෙන්.”

එහෙම බැරිවුණොත්.?

එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 

“රටක් වශයෙන් ගත්තොත් අපේ රටේ මානව සම්පත ඉහළ තැනක තියෙනවා ලෝකයේ. බුද්ධිය පැත්තෙන් බැලුවත් අපේ අය ගොඩාක් දක්ෂයි. මම යුරෝපේ ඉන්න නිසා මම ඒක දකිනවා. මම අනිවාර්යෙන් ඒක කියනවා, අපේ අය දක්ෂයි එහෙ ඉන්න අයට වැඩිය. හැබැයි තියෙන ප්‍රශ්නය දක්ෂයෝ ලංකාව අතහැරලා යනවා. දැන් මේක අවුරුදු ගානක ඉඳලා වෙන දෙයක්. මට සමහර ලංකාවේ අය කියනවා ඇයි මේ ලංකාවට දුවන්නේ කියලා. එයාලා දන්නවා මේ ප්‍රශ්න, මම කියන්නේ “නෑ”, පොඩ්ඩක් ඉන්න. තව ටිකක් ට්‍රයි කරමු, ට්‍රයි කරන්න ඕන මේක. ට්‍රයි කරලා අවසාන මොහොතේ අතහැරියත් දුකක් නෑ දවසක මම උත්සාහ කරානේ කියලා.”

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here