ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ආනයන සඳහා පනවා ඇති සිමාවන් ලිහිල් කර ඇත. ඒ අනුව භාණ්ඩ වර්ග 843කට එම භාණ්ඩ ආනයන කිරීමේදී භාණ්ඩවල සම්පුර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් “මුල් ආන්තික අවශ්‍යතාවය” සිමාව ඉවත් කර ඇත.
මෙම තීරණයත් සමග ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළ යනු ඇති බව මහ බැංකුව සඳහන් කළේය.