ආසියානු කුසලානයේ 09වන තරගය අද(10) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ පාකිස්ථාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමගයි.
තරගය පස්වරු 03ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර බංග්ලාදේශයට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9 ක් දැවී ලකුණු 257 ක් ලබා ගනිමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 236 ක් පමණයි.
මේ අතර, ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.
ඉන්දියා පාකිස්ථාන ගැටුම අද – සුපිරි හතරේ ආරම්භයේ ජය ශ්‍රී ලංකාවට .