Homeවිදේශීය පුවත්ඉන්දු - රුසියා හමුව ගැන ලොවම අවධානයෙන්

ඉන්දු – රුසියා හමුව ගැන ලොවම අවධානයෙන්

රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණ තිබේ.

ඒ, මෙවර ඉන්දියාව සභාපතීත්වය දරණ G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගීවීම සඳහාය.

එම හමුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද සහ හෙට පැවැත්වීමට නියමිතය.

රුසියානු විදේශ අමාත්‍යවරයා මෙලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ යුක්‍රේන යුද්ධය පදනම් කරගනිමින් ඔවුන්ට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇති පසුබිමකදීය.

කෙසේවෙතත් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ සිය රටට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයාව සාදරයෙන් පිළිගන්නා බවය.

එමෙන්ම රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාව හමුවීමට ද නියමිතය.

මෙම හමුවේදී දෙරටේ සහයෝගීතාවය වර්ධනය කරගැනීම, යුක්‍රේන යුද්ධය සහ කලාපීය ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙනු ඇති බවද වාර්තා වෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here