අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විභාග මධ්‍යස්ථාන 2,200ක දී පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර විභාගය පෙබරවාරි මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
උසස් පෙළ විභාගය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව එක්ව ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති අතර සිසුසැරිය බස් රථ සේවාව සහ විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද ක්‍රියාත්මක කෙරෙන බවයි සඳහන් වන්නේ.