Homeවිදේශීය පුවත්ඔබ කළ දේ වැරදියි - චීන ජනපති කැනඩා ජනපතිගේ මූණටම කියයි

ඔබ කළ දේ වැරදියි – චීන ජනපති කැනඩා ජනපතිගේ මූණටම කියයි

ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවති G 20 රාජ්‍ය නායකයින්ගේ හමුව අතරතුරදී චීන ජනාධිපති ෂී ජින්පින්, කැනඩා ජනාධිපති ජස්ටින් ට්රූඩෝ ගේ මුහුණටම බැනවැදී තිබේ.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

මීට දින කිහිපයකට පෙර රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුවක් පවත්වා ඇති අතර එම හමුවේ විස්තර මාධ්‍යට ලබාදුන් බවට චීන ජනාධිපතිවරයා, කැනඩා ජනපතිවරයාට චෝදනා කර තිබුණි.

භාෂා පරිවර්තකයෙක් යොදාගනිමින් චීන ජනපති පවසන්නේ, “ඔබව විශ්වාස කරන්න අමාරුයි,” යනුවෙනි.

නායකයින් දෙදෙනාගේ මීට දින කිහිපයකට පෙර පැවති හමුවේදී චීන ඔත්තුකරුවන් සහ කැනඩා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර තිබුණි.

ඔවුන් දෙදෙනා අතර හමුවක් පවත්වා ඇත්තේ වසර කිහිපයකට පසුව ය.

“අපි සාකච්ඡා කළ සියලු කරුණු පුවත්පත්වලට ලබාදී තිබෙනවා එය සුදුසු දෙයක් නොවෙයි.”

එහිදී කැනඩා ජනාධිපතිවරයා පවසන්නේ තම රට නිදහස් සහ විවෘත අදහස් දැක්වීමකට ගරු කරන බවත් එය ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවත් ය.

 

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here