Homeක්‍රීඩා පුවත්ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

ඒ තරගය ජයග්‍රහණය සඳහා හිමිව තිබූ ලකුණු 76ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට මීට ටික වේලාවකට පෙර ඔවුන් සමත් වීමත් සමගයි.

ඉන්ඩෝර් හි පැවති එම තරගයේ ඉන්දීය පළමු ඉනිම ලකුණු 109කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දුයවන්නන් සමත් වූ අතර පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලකුණු 197ක් ලබාගත්තේය.

ඉන්දීය දෙවන ඉනිම ලකුණු 163කට සීමා වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා හිමිවූ ඉලක්කය ලකුණු 76කි.

කෙසේවෙතත් තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවට තවදුරටත් රැඳී සිටීමට නම් මෙම තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයගැනීමට අවශ්‍ය විය.

මෙම ජයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කරගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

මේ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ එළඹෙන 09 වනදා ඇරඹෙන සිව්වන ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම ජයගැනීමට සමත්වුවහොත් අවසන් මහා තරගයට පිවිසීමට ඔවුන්ට තවත් අවස්ථාවක් හිමිව තිබේ.

මේ අතර එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය වුවහොත්, එළඹෙන 09 වනදා ඇරඹෙන නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුවහොත් ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසාන තරගයට ශ්‍රී ලංකාවට එක්වීමට වාසනාව හිමිවේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here