Homeක්‍රීඩා පුවත්ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 04කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

තරගය ඊයේ (21) රාත්‍රි මොහාලි හිදී පැවැත් වුණි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 208ක් ලබා ගත්තේය.

ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී සිටියදී ලකුණු 211ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here