කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 84 හැවිරිදි වියේ පසුවූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා අදාළ නිවස තුළ තනිවම වාසය කර ඇති බවය.
මියගොස් ඇති පුද්ගලයාගේ දියණිය ඊයේ සිය පියා බැලීම සඳහා නිවසට පැමිණ ඇති අතර ගේට්ටුව සහ නිවස අගුළු දමා තිබීම හේතුවෙන් වැඩිදුරටත් සොයා බැලූ අවස්ථාවේදී මෙම මෘත ශරීරය හමුව ඇත.
අනතුරුව දියණිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයාගේ දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් ගැටගසා තිබී ඇති බවද පොලීසිය පවසයි.
දැනට සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම ඝාතනය දින කිහිපයකට පෙර සිදුකර ඇත බවට හෙළිවී තිබේ.
කඳාන පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.