Homeදේශීය පුවත්කළුතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කළුතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර, බුලත්සිංහල අධ්‍යාපන කලාපයේ, කුඩලිගම මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

එම මධ්‍යස්ථානය වෙත විභාග ප්‍රශ්නපත්‍ර වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ රැගෙන යෑමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.

ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීමට නාවික හමුදාව එක්ව බෝට්ටු සහ අවශ්‍ය පියවර යොදවා තිබේ.

යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වුවහොත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය වෙත දැනුම් දෙන සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here