Homeක්‍රීඩා පුවත්ක්‍රිකට් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

ක්‍රිකට් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ වී තිබේ.

අද පෙරවරු 9 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකිය.

දෙරට අතර තරගාවලිය ලබන සිකුරාදා ආරම්භ වෙයි.

තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවත්වීමට නියමිතය.

එම ක්‍රීඩාංගනයේදී එක් දින තරගයක් පැවැත්වෙන්නේ වසර 3කට පසු වීම විශේෂත්වයක් වෙයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මේ දක්වා තරග 7ක් පවත්වා ඇති අතර ඉන් තරග 4ක් ශ්‍රී ලංකාවද තරග 2ක් ඇෆ්ගනිස්ථානයද ජය ගෙන තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here