Homeකාටූන්කාසියේ වාසිය එංගලන්තයට

කාසියේ වාසිය එංගලන්තයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඉන්දියාව සහ එංගලන්තය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඇඩිලේඩ්හිදීය.

මෙවර තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවන කාණ්ඩයෙන් ඉන්දියාව තරගවැදුනු අතර එහිදී ඔවුන් සහභාගී වූ තරග 5න් 4ක් ජයගැනීමට සමත්විය.

ඉන්දියාව පරාජයට පත්වූයේ දකුණු අප්‍රිකාව හමුවේ පමණි.

මේ දක්වා පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලිවලදී ඉන්දියාව තුන්වරක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර මේ වසරේ ඔවුන් අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලැබුවේ සිව්වන වරටය.

ඉන්දියාව 2007 වසරේදී 20යි 20 ශූරයින් බවටත්, 2014 වසරේ අනුශූරයින් බවටත් පත්ව තිබේ.

එංගලන්තය මෙවර තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් තරගවැදුනු අතර එහිදී සහභාගී වූ තරග 5න් 3ක් ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එංගලන්තය මේ දක්වා අවස්ථා 3කදී 20යි 20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

එහිදී 2010 වසරේ 20යි 20 ලෝක ශූරයින් වූ එංගලන්තය 2016 වසරේ අනුශූරයින් ලෙසින් තරගාවලිය නිමකළේය.

ඒ අනුව ඉන්දියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකම තුන්වන වරට 20යි 20 ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසකම් ලබාගැනීමේ අරමුණෙන් අද පිටියට පිවිසෙනු ඇති.

අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම පාකිස්තානය සමගින් එළඹෙන ඉරිදා මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here