කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ තුෂාර සංජීව විතාරණ ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය පරාජයට පත්වීම හේතුවෙන් ඔහු මෙලෙස ඉවත් කර ඇති අතර කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.