Homeදේශීය පුවත්කෙරෝනා මරණ ගණන 13,611 ක් දක්වා ඉහළට

කෙරෝනා මරණ ගණන 13,611 ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 18 ක් අද (24) වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 13,611 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 8 දෙනා කාන්තාවන් ය.

මියගිය ආසාදිතයින් අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තා ආසාදිතයෙකු ද වේ.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 5 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 12 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (24) වාර්තා කරන ලද මෙම මරණ 18 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here