Homeව්‍යාපාරික පුවත්කොටස් කර ගෙන්වූ ජීප් 4ක් රේගුවේ දී අත්අඩංගුවට

කොටස් කර ගෙන්වූ ජීප් 4ක් රේගුවේ දී අත්අඩංගුවට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැති ලත් සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ කිරීමේ මුවාවෙන් ආනයනය කළ සිගරට් තොගයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි. යන්ත්‍රයක් සේ පෙනෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කර තිබූ අදාළ ඇසුරුම තුළ සිගරට් කූරු මිලියන 556,000ක් තිබූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එහි වටිනාකම රුපියල් මිලියන 85ක් පමණ වන අතර ඊට අය කෙරෙන බදු ප්‍රමාණය රුපියල් මිලියන 70ක් පමණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ජපානයෙන් ආනයනය කළ බහාලුමක් තුළ තිබී සොයා ගැනුණු කොටස් කරන ලද වාහන පහක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එම වාහන අතර ජීප් රථ හතරක් සහ කාර් රථයක් වෙයි. මීට අමතරව රේගුවට ප්‍රකාශ නොකර ආනයනය කළ යතුරු පැදි 18ක් එහි දී සොයා ගෙන තිබේ. මීට අමතරව නීති විරෝධී ලෙස ආනයනය කළ  රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා මධ්‍යසාර තොගයක් සහ විශබීජ නාශක ලෙස ආනයනය කළ වයින් තොගයක් ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අමාත්‍යවරයා එහි දී කියා සිටියේ රේගු දැල ශක්තිමත් කිරීමත් සමග ජාවාරම්කරුවන් විසින් නවීන සහ සූක්ෂම ක්‍රම භාවිත කරමින් එම දැලෙන් රිංගා යමට උත්සහ දරන බවයි. මෙවැනි නීතිරෝධී ක්‍රියාවන් යෙදෙන පාර්ශ්ව නීතිය හමුවට පැමිණවීමට නිලධාරීන් දරන උත්සහය අගය කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසීය. ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම කිරීමට අදාළ යෝජනා ඇතුළත් විශේෂ වාර්තාවක් මෙම මස 31 වැනි දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර වාප්පු ලිපකරුවන්ගේ ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩත්ත රේගු පර්යන්තවල ඇතිව තිබූ බහාලුම් තදබදය ද මෙහි දී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. සියඹලාපිටිය මහතා සඳහන් කළේ දීර්ඝ නිවාඩු දෙකකින් පසු බහාලුම් විශාල වශයෙන් නිදහස් කිරීම ද මෙම තදබදයට හේතුව බවයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here