Homeදේශපාලන පුවත්කොහොමද දේශප්‍රේමීත්වය ? හොඳයි නේද ?

කොහොමද දේශප්‍රේමීත්වය ? හොඳයි නේද ?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(17) තිස්සමහාරාම, රබර්වත්ත ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ පක්ෂ නායක කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව තිබිණි.

මෙහිදී අදහස් පල කළ විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන්, ගොවියාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටටින බවයි .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

කොහොමද දේශප්‍රේමීත්වය ? හොඳයි නේද ? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොවියාගේ අයිතිය සුරකින්නට මූලික අයිතිවාසිකම් පෙත්සමක් සමගි ජන බලවේගය දාලා තියනවා කියන එක අපි මේ අවස්ථාවේදී කියන්න ඕන. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වෙලා . බඩු මිල අඩු කරන්නට ආණ්ඩුවට සල්ලි නැහැ . හැබැයි ආණ්ඩුවට සල්ලි තියෙනවා, තමන්ගේ දේශපාලන නායකයින්ට සංවර්ධනයේ නාමයෙන් සංවර්ධන කමිටුවේ සභාපතිට මිලියන 100 ලු. උපසභාපතිට තවත් මිලියන 50 ලු . තවත් එක එක අයට මිලියන 200 ලු. දැන් ඒවා කරන්න සල්ලි තියෙනවා. ගෑස් මිල අඩු කරන්න සල්ලි නැහැ. කිරි පිටි මිල අඩු කරන්න සල්ලි නෑ .

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here