මෙවර LPL තරගාවලියට එක්වන කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වී තිබේ.
ඒ අනුව එම කණ්ඩායමේ මෙවර හිමිකාරීත්වය දරණු ලබන්නේ SKKY සමූහ ව්‍යාපාරයයි.
එය අමෙරිකාවේ නිව්යෝක් හි කේන්ද්‍ර කරගනිමින් විහිදී ඇති ව්‍යාපාර ජාලයකි.
එම ව්‍යාපාරයේ හිමිකරු සාගර් ඛන්නා නම් ඉන්දීය ජාතිකයෙකි.
Abudhabi T10 ලීග් වෙත පසුගිය වසරේ මුල්වරට එක්වූ New York Strikers කණ්ඩායමේ හිමිකරු වන්නේ ද සාගර් ඛන්නා මහතා ය.
මෙවර කොළඹ කණ්ඩායම LPL තරගාවලියට එක්වන්නේ Colombo Strikers යන නාමය සහිතවය.
ඒ අනුව LPL තරග ඉතිහාසයේ කොළඹ කණ්ඩායමේ නම වෙනස් වූ තුන්වන අවස්ථාව මෙයයි.