Homeවිදේශීය පුවත්ග්වාතමාලාහි මාර්ගයක ගිලා බැසීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ග්වාතමාලාහි මාර්ගයක ගිලා බැසීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දකුණු අමෙරිකානු රාජ්‍යයක් වන ග්වාතමාලාහි මාර්ගයක ස්ථාන දෙකක් ගිලා බැසීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එක්වරම සිදුවූ මෙම ගිලා බැසීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් වී ඇති බවය.

ඒ සමග ඇති වූ, අඩි 49ක් ගැඹුරු ආගාධයකට වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම පුද්ගලයන් සහ ඔවුන්ගේ වාහන බේරා ගැනීමට මුදා ගැනීමේ සේවකයන් සමත් වූ බවය.

මුදා ගැනීමේ සේවකයන් සහ ග්වාතමාලාහි හමුදා නිලධාරීන් අතුරුදන් පුද්ගලයන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් සිදු කළ බව සඳහන් වෙයි.

ගිලා බැසීම් සිදු වු පෙදෙස හි ප්‍රදේශවාසීන්ට මෙයින් බලපෑමක් ඇති විය හැකිදැයි සොයා බැලීමට, ග්වාතමාලාහි ආපදා සහන ඒජන්සිය කටයුතු කර තිබෙනවා.

මෙවැනි සිදු වීම් ග්වාතමාලාහි සුලභව සිදු වන මාරාන්තික ආපදාවකි.

2007 වසරේ දී එරටින් වාර්තා වූ විශාලතම ගිලා බැසීමෙන්, නිවාස කිහිපයකට බලපෑම් සිදු වූ අතර එය පුද්ගල මරණ 3කට හේතුවුණි.

එසේම 2010 වසරේ දී ග්වාතමාලාහි මහල් තුනක ගොඩනැගිල්ලක්ද ගිලා බැසීමට ලක්වුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here