පොහොර නොමැති කමින් සිදු කෙරෙන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඊයේ (16) අනුරාධුපරයේ පැවති හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් පොහොර විරෝධතා පිටුපස දේශපාලන උවමනාවන් පවතින බවයි.
”අපි කවුරුත් ගොවියා ගාවට යන්නේ නෑ. අපි දන්නවා මේක අභියෝගයක් අපි ගියාම බැණුම් අහන්න වෙනවා. ඒක නිසා අපි මේකෙන් ඈත්වෙලා ඉන්නවා. අපි ඈත්වුණාම මේකට වෙනත් භාහිර පාර්ශව ගිහින් ගොවියො එකතු කරලා විශාල උද්ඝෝෂණ තියනවා”
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, ගොවීන් කෙතරම් ඉල්ලා සිටිය ද ආරම්භ වී ඇති මහ කන්නය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ත් ඒ සඳහා අවම වශයනේ මාස දෙකක් ගත වන බවත් ය.
”අඩුම මාස 2 ක් යනවා එතතොට මහ කන්නය ඉවරයි. දැන් ගොවියට තියෙන්නේ මේ දීලා තියෙන කාබනික පොහොරත් එක්ක තමන්ගෙ කෘෂිකර්මාන්තය ගෙනියන එක. මේ කෙනිෂ්පාදනය අඩු වුණොත් වන්දි ත් දෙනවා කියලා කියනව නම්, ඊට වැඩිය දෙයක් කියන්න නැහැ”