Homeදේශීය පුවත්ගෝලීය වසංගත තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

ගෝලීය වසංගත තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වාදෙන්නේ එය කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවය.

කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව මේ වන විට අවසන් වී තිබුණ ද කොවිඩ් හේතුවෙන් පවතින ගෝලීය සෞඛ්‍ය තර්ජනය මෙතෙක් අවසන් වී නොමැති බව ඔහු පවසයි.

මේ වන විට වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින අතර එය නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමට හේතුවනු ඇති බව ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසයි.

76 වන ලෝක සෞඛ්‍ය සමුළුව වෙත සිය වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා මේ සඳහන් කර තිබුණි.

මෙම තත්ත්වය තුළ ඉදිරියේ දී ඇතිවිය හැකි වසංගත තත්ත්වයට මුහුණදීමට සූදානම් විය යුතු බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here