Homeසංචාරක පුවත්චීනයට පැමිණෙන සංචාරකයින් ගැන හදිසියේ ගත් තීරණය

චීනයට පැමිණෙන සංචාරකයින් ගැන හදිසියේ ගත් තීරණය

චීනයට පැමිණෙන සංචාරකයින් නිරෝධායනය කිරීමේ කටයුතු අවසන් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනවාරි 08 වනදායින් එම කටයුතු අවසන් කෙරෙන බවය.

2020 මාර්තු මාසයේ සිට චීනයට පැමිණෙන සියලුම පුද්ගලයින්ට අනිවාර්යය මධ්‍යගත නිරෝධායනයකට යොමුකිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබුණි.

චීනය කොවිඩ් ප්‍රතිපත්ති අත්හැරීමත් සමග ඉවත් කිරීමට නියමිත සීමාවන්වල නවතම පියවර මෙය බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් චීනය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ කිසියම් වැඩි වීමක් දක්නට ලැබෙන අතර එය පාලනය සඳහා මේ වන විට පියවර ගෙන ඇති බව ද සඳහන්ය.

මේ අතර චීනය මේ වනවිට කොවිඩ් සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත්කිරීම නවතා තිබේ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here