Homeවිදේශීය පුවත්චීනය පැරණි සෝවියට් රටවල් දෙස බැල්ම හෙළයි

චීනය පැරණි සෝවියට් රටවල් දෙස බැල්ම හෙළයි

මධ්‍යම ආසියාව සංවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සුවිශේෂී සැලැස්මක් එළිදක්වා තිබේ.

එහි අරමුණ වන්නේ එම කලාපයට නායකත්වය සැපයීම මෙන්ම වෙළෙඳාම දියුණු කිරීම බව විදෙස් මාධ්‍ය පවසයි.

නමුත් මධ්‍යම ආසියාව සාමාන්‍යයෙන් රුසියානු බලපෑමට ලක්වූ කලාපයකි.

චීන ජනාධිපතිවරයා පැවසුවේ කසක්ස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, තර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ට නූතනත්වය හඳුන්වාදී එය ප්‍රවර්ධනය කරන බවය.

ඔහු මේ බව පැවසුවේ චීනයේ පැවති චීන – මධ්‍යම ආසියා සමුළුව අමතමිනි.

එම රටවල් 5 සමග සබඳතා තර කරගැනීම චීනයට වාසිදායකය.

ඒ යම් හෙයකින් අනෙකුත් කලාපවල යම් හෝ බාධා ඇතිවුවහොත් ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට අවශ්‍ය විකල්ප ප්‍රවේශ මාර්ග එමගින් චීනයට විවෘතවීමය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here