Homeසංචාරක පුවත්චීන ජාතිකයින්ට විදෙස් සංචාර සඳහා අවසර

චීන ජාතිකයින්ට විදෙස් සංචාර සඳහා අවසර

චීනයේ යළි සංචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරමින් ක්‍රමානුකූලව චීන ජාතිකයින්ට විදේශ සංචාර සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

2019 වසරේ චීන ජාතිකයින් මිලියන 155ක් වෙනත් රටවල සංචාරය සඳහා පිටවගොස් ඇති අතර එම සංඛ්‍යාව මේ වසරේ මිලියන 12ක් දක්වා අඩුවී තිබේ.

චීනයේ ව්‍යාප්ත කොවිඩ් අවදානම “ඒ”  සිට  “බී”  ඛාණ්ඩය දක්වා අඩුවී ඇති බවද වාර්තා වෙයි.

එම නිසා ලබන ජනවාරි මස 08 වනදා සිට එරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා ද පනවා තිබූ නිරෝධායන නීති ලිහිල් කිරීමට පියවර ගන්නා බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here