Homeවිදේශීය පුවත්චීන – තායිවාන මතභේදය

චීන – තායිවාන මතභේදය

යළිත් මතුවී තිබෙන චීන – තායිවාන මතභේදය ඉන්දු පැසිෆික් කලාපයේ සාමයට බලපෑමක් වෙයි ද?

චීන ජනාධිපති ෂී ජින් පින් තායිවානයේ නිදහස් දිනය සැමරීමට පැය කිහිපයක් තිබියදී පවසා ඇත්තේ, තම රට නැවත එකමුතු කිරීමේ සැලසුමක් ඇති බවයි.

තායිවානය තම රටට අයත් කොටසක් බව චීනය පවසන අතර ජනාධිපතිවරයා මේ ප්‍රකාශයේ අදහස් කර තිබුණේ, තායිවානය චීනයට එකතු කරන බවයි.

ඊයේ නිදහස් දිනය සමරන අවස්ථාවේ තායිවාන ජනාධිපති සායි ඉන්වෙන් චීන ජනාධිපතිවරයාට ප්‍රතිචාර දැක්වී ය.

ඇය අවධාරණය කළේ, චීන බලපෑමට හිස නැමීමට සූදානම් නැති බවයි.

තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන බව ඇය කියා සිටියා ය.

චීන තායිවාන මතභේදය යළිත් මතුවීමත් සමග නිදහස් ඉන්දු පැසිෆික් කලාපීය ප්‍රවේශයක් වෙනුවෙන් ක්‍රියාකරක ඇමරිකාව, ජපානය, ඉන්දියාව, ඕස්ට්‍රේලිය සහ බ්‍රිතාන්‍ය ඇතුළු පාර්ශ්වය කලාපයේ හමුදා ක්‍රියාකාරකම් වැඩි කර තිබේ.

දකුණු චීන මුහුදේ රඳවා තිබූ ඇමරිකනු පැසිෆික් බලඝනයට අයත් සබ්මැරීනයක් හඳුනා නොගත් වස්තුවක ගැටුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මේ අතර ජපානය, ඉන්දියාව, ඇමරිකාව ගතවූ දින කිහිපයේ මලක්කා සමුද්‍ර සන්ධිය අවට මෙන්ම ආරාබි මුහුදේද යුද අභ්‍යසවල නිරතවිය.

ඒ සඳහා යන එන අතරවාරයේ ඇතැම් යුද නැව් මෙරටට ද පැමිණියේ ය.

චීනය මේ තත්ත්වය ප්‍රතිචාර දැක්වූයේ සිය ප්‍රහාරක යානා තායිවාන ගුවන් ආරක්ෂක සීමාවේ පියාසර කරමිනි.

චීන , තායිවාන මතභේදය කලාපීය සාමයට බලපෑමක් වෙයිද?

ලෝක නායකයින් දැන් මේ ගැන දැන් පසුවන්නේ, දැඩි අවධානයකිනි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here