Homeදේශපාලන පුවත්ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධයක්

ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවේ විරෝධයක්

ඡන්දය පවත්වන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වනවිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ ඉල්ලා විවිධ ප්‍රකාශ සිදුකළේය.

පාර්ලිමේන්තුව හමුවේ නැගී සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය අසුන්වලින් නැගී සිටිමින් විරෝධතා පුවරු ඉහළට ඔසවමින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here