Homeදේශපාලන පුවත්”ජනතාවට ලැබෙන්න නෙවෙයි… ජනතාවගෙන් ගන්න වෙයි”- බැසිල්

”ජනතාවට ලැබෙන්න නෙවෙයි… ජනතාවගෙන් ගන්න වෙයි”- බැසිල්

 බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ සුපිරි නිවසට අදාළව පවරා ඇති නඩුව අද (01)ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා අද අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ සුපිරි නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

මුදිත ජයකොඩි මහතා මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සාක්ෂිකරු කියා සිටියේ කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත් ලබා ගත් බවයි.

ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණයේදී කියා සිටියේ ය.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මාධ්‍යවේදී ප්‍රශ්නය :- ඇමැතිතුමා මංගල අයවැය ගැන ටිකක් කියලා යන්න කෝ

පිළිතුර (මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ) :- ඒක රහසක්

මාධ්‍යවේදී ප්‍රශ්නය :- මොනවා ද ජනතාවට ලැබෙන්නේ?

පිළිතුර (මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ) :- ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නේ ජනතාවගෙන් ගන්න වෙයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here