Homeදේශපාලන පුවත්ජනපතිගේ වියරු ස්වභාවය පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතුයි - අනුර

ජනපතිගේ වියරු ස්වභාවය පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතුයි – අනුර

ජනාධිපතිවරයා විසින් ඡන්දය කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහය පරාජය කිරීම, රටේ සියලුම දෙනාගේ වගකීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගය මේ සඳහා දිස්ත්‍රික් ගණනාවක විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවත්, හෙට (26) දිනයේ කොළඹ දී ජනාධිපතිවරයාගේ වියරු ස්වභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමේ උත්සාහය පරාජයට පත් කිරීම සඳහා දැවැන්ත ජනතා විරෝධතා රැළියක් පැවැත්වීමට සුදානම් බවද ඔහු පවසනවා.

එමෙන්ම මේ පිළිබඳව විවිධ ජාත්‍යන්තර සංවිධාන, මානව හිමිකම් සංවිධාන දැනුවත් කිරීමට කටයුතු කළ බවද, ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යාමට සුදානමින් සිටින බවද ඔහු අවධාරණය කරනවා.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here