v
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් අතර ද ටෝකියෝ නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹී බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ, ඊයේ (26) අලුයම් කාලයේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම දෙදින නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද සහභාගීවීමට නියමිත බවයි.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිත ය.
එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිම කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.