“ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපන් ව්‍යවසාය සඳහා ඇති අවස්ථා” මැයෙන් ජපානයේදී පැවැත්වෙන ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ විවෘත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළ අතර නව විදේශ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීමද අවධාරණය කර සිටියේය.