Homeවිදේශීය පුවත්ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අද

ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අද

ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමත්‍ය ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද (27) පැවැත්වේ.

පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට රටවල් 217 කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහභාගී වීමට අපේක්ෂා කරන බව සඳහන් ය.

ටෝකියෝ හි නිපොන් බුඩෝකාන්හිදී අවමංගල්‍ය කටයුතු පැවැත්වේ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනපති ජෝ බයිඩන් මීට සහභාගි වන්නේ නැත.

නමුත් එරට උපජනාධිපති කමලා හැරිස් සහභාගී වන බව විදෙස් මාධ්‍ය පැවසුවේ ය.

සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග්, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තෝනි ඇල්බනේස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මීට සහභාගි වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පසුගිය සති කිහිපය තුළ රාජ්‍ය අවමංගල්‍යයට දැඩි විරෝධයක් පැවති බවයි.

මැතිවරණ ප්‍රචාරණ දේශනයකදී ජූලි 8 වැනි දා ජපාන නාරා නගරයේ දී ෂිංසෝ අබේ ඝාතනයට ලක් විය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here