Homeසංචාරක පුවත්ටිකට් එකක් ඩොලර් 99.99 යි. ලංකාවේ මිල වැඩිම දුම්රිය ගමන මෙන්න

ටිකට් එකක් ඩොලර් 99.99 යි. ලංකාවේ මිල වැඩිම දුම්රිය ගමන මෙන්න

කොළඹ සිට බදුල්ල දක්වා ක්‍රියාත්මක කෙරෙන නව අති සුඛෝපභෝගී දුම්රිය සේවාවක් හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා දුම්රිය සේවය, සංචාරක අමාත්‍යාංශය සහ Ceylon Miracle Journeys Pvt Ltd එක්ව නව වැඩපිළිවෙලක් දියත් කර ඇත.

මෙම සුඛෝපභෝගී දුම්රිය සේවාව 2023 පෙබරවාරි 14 වන දින සිට ජනතාව වෙනුවෙන් විවෘත වනු ඇත.

සෑම අඟහරුවාදා දිනකම මෙම අතිසුඛෝපභෝගී දුම්රිය පෙරවරු 5.30 ට පිටත් වී සවස 4.00 ට ඇල්ල හරහා බදුල්ලට ළඟා වන අතර පසුදා උදේ 6.00 ට කොළඹ බලා පිටත් වී සවස 6.00 ට කොළඹට ළඟා වේ.

එක් අයෙකුට ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඩොලර් 99.99 ක් වන අතර එම මුදලට උපරිම සාධාරණයක් කරමින් තරු පන්තියේ උදෑසන ආහාරය, දිවා ආහාරය සහ තේ සංග‍්‍රහ ගමන පුරාවට සපයනු ලබන බව Ceylon Miracle Journeys කියා සිටී.

ගමන අතරතුරදී රඹුක්කන, පේරාදෙණිය හන්දිය, නාවලපිරිය, හැටන්, ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, නානුඔය, පට්ටිපොල දුම්රිය ස්ථානය අසල එල්ජින් දිය ඇල්ල, ආරුක්කු නවය පාලම සහ දෙමෝදර ලූප් අසල දුම්රිය නවතා මගීන්ට එහි සුන්දරත්වය විදීමට අවස්ථාව සලසනු ඇත. එමෙන්ම මෙම සුන්දර චාරිකාවේදී මහනුවර දුම්රිය ස්ථානයේදී කලාත්මක සංස්කෘතික සංදර්ශනයක් නැරඹීමටද අවස්ථාව උදාවනු ඇත.

www.ceylonmiraclejourneys.com වෙබ් අඩවිය ඔස්සේ හෝ 67/2, මීගමුව පාර, පෑලියගොඩ පිහිටි Ceylon Miracle Journeys කාර්යාලයෙන් හෝ 0113491000 අංකය ඇමතීමෙන් ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරවා ගත හැක.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here