Homeක්‍රීඩා පුවත්ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

2023 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

ඒ අනුව එහි අවසන් තරගය එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

2021 වසරේ අගෝස්තු මස 4 වැනි දා සිට 2023 වසරේ මාර්තු 31 වැනි දා දක්වා කාලය තුළ මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය ක්‍රියාත්මක ය.

කණ්ඩායම් 9 ක් සහභාගී වන එය ක්‍රියාත්මක වන්නේ ලීග් ක්‍රමයටයි.

අදාළ කාලය අවසානයේදී දක්වන දක්ෂතා අනුව අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනේ.

2023 මාර්තු 17 වැනි දා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙලිංටන්හිදී ආරම්භ වන තරගය මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ ලීග් අංශයේ අවසන් තරගය වනු ඇති.

ඒ අනුව එහි අවසන් මහා තරගය ලබන වසරේ ජූනි මාසයේදී එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

නවතම ලකුණු සටහනට අනුව ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසු වන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වැනි ස්ථානයයි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here