Homeක්‍රීඩා පුවත්ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යයි..

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ටොම් මූඩි එකඟත්වය පළ කළ බවට ක්‍රිකට් ආයතනය පවසයි. 

ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියා ජාතික ටොම් මූඩි මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නොවන බවට තීරණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත 2021 වසරේ මාර්තු 01 වැනිදා සිට වසර 3 ක කාලයකට ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණි

ටොම් මූඩි මහතාගේ  කාර්යභාරය අතරට ඉදිරි තරග සංචාර සැලසුම් කිරීම, දේශීය තරග ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය සහ අධ්‍යාපනය ද ඇතුළත් බවට එම පත්වීම සිදු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here