Homeවිදේශීය පුවත්ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි නඩු කඩිනම් කෙරේ

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පනවා ඇති නඩු සම්බන්ධයෙන් එරට අධිකරණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ උපදේශකයෙකු පත් කර තිබේ.

එරට හිටපු හමුදා ප්‍රධානියෙකු වන ජැක් ස්මිත් නම් අයෙකු එම උපදේශක තනතුර සඳහා පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ නඩු කටයුතු මන්දගාමී වී ඇති බවට නිරීක්ෂණයවීම හේතුවෙන් එය අධීක්ෂණය කිරීම සහ පරීක්ෂණ කඩිනම් කිරීම සම්බන්ධ වගකීම් එම නිලධාරීයාට පවරා ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් වතුයායක පසුගිය දා සිදුකළ සෝදිසියකදී රහසිගත රාජ්‍ය ලේඛන තොඟයක් සොයාගත් අතර පසුව ඊට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබුණි.

ජනප්‍රියතම පුවත්
Related News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here